FAST NEWS

24×7 Around the Globe

එදා සූදුකාරයන්ට ක්‍රිකට්‌ පරිපාලනයට ඇඟිලි ගැසීමට ඉඩ දුන්නේ නැහැ..

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය සමයේ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා නීතියට අනුව සූදුකාරයන්ට ක්‍රිකට්‌ පරිපාලනයට ඇඟිලි ගැසීමට ඉඩ දුන්නේ නැති බවත්, වත්මන් රජය යටතේ ක්‍රිකට්‌ ක්‍රීඩාව විනාශ වී ඇතැයි හිටපු ක්‍රිකට්‌ නායක අර්ජුන රණතුංග මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (27) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින්.
දේශපාලන මතිමතාන්තර කුමක්‌ වුවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ එම ක්‍රියාව අගය කරන බව ද, අද පස්‌ස දොරෙන් පැමිණි මිනිසුන් ක්‍රිකට්‌ ක්‍රීඩාව විනාශ කරමින් සිටින බව ද අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.