FAST NEWS

24×7 Around the Globe

කෑගල්ලට නොනිදන වෙළඳ උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම්..

කෑගල්ල ප්‍රදේශයට රුපියල් මිලියන 65ක වියදමක් දරමින් නොනිදන වෙළඳ උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් දියත්කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.
ජනතාවගේ දිළිඳුකම පිටුදැකීමේ ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් ගම්මානවල නිෂ්පාදිත ද්‍රව්‍ය අලෙවි කිරීම මූලික කරගනිමින් මෙය ඉදිකරනු ලබයි.
ජනාධිපතිවරයා මේ බව සදහන්කර සිටියේ ඊයේ (25) පැවති දිළිදුකම පිටුදැකීමේ ජාතික වැඩසටහන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ රැස්වීමකට එක්වෙමින්.
නොනිදන වෙළඳ උද්‍යානයක් ඉදිකිරීම සම්බන්ධව යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කෑගල්ල දිසාපතිවරයා විසිනි.
ඒ සදහා සඳහා වැය වන රුපියල් මිලියන 65ක මුළු මුදලම ලබාදීමට ජනපතිවරයා තීරණය කර ඇති බවත් ඉන් මිලියන 25ක් මේ සතිය තුළදීම නිදහස් කරන බවත් ඒ මිලියන විසිපහේ ප‍්‍රගතිය පෙන්නුවාට පසුව ඉතිරි මුදල ලබාදෙන බවත් ජනාධිපතිවරයා එහිදී සදහන්කර ඇත.