FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශය පරදා කොදෙව්වෝ ලකුණූ 03 ක තියුණූ ජයක් ලබති..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ ඊයේ (25) පැවති දෙවැනි තරගයෙන් ලකුණූ 03 ක තියුණූ ජයක් වාර්තා කිරිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ අරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් පන්දුවාර 49 යි පන්දු 03 කදී සියලු දෙනා දැවි ලකුණු 271 ක් රැස් කළේය.
මේ අනුව ලකුණූ 272 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 06 ක් පමණක් දැවි ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 268 ක් පමණි.
මේ අනුව තරග 03 කින් යුත් දෙරට අතර එක්දින තරගාවලිය 1-1 ලෙස සම තත්වයට පත් විය.
දෙරට අතර තුන්වැනි හා අවසන් එක්දින තරගය ලබන 28 වැනිදා පැවැත්විමට නියමීතය.
ලකුණූ පුවරුව..

DE සිල්වා