FAST NEWS

24×7 Around the Globe

‘ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්’ හි බලපත්‍රය අහෝසියි..

‘ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්’ නම් මූල්‍ය ආයතනයේ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊයේ (25) අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
මෙම ආයතනය බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.
නමුත් 2008 වසරේ සිට එය මුල්‍ය අර්බුදයකට ලක්වූ අතර ඉකුත් වසර 10ක කාලය පුරාම තැන්පත්කරුවන්ට සිය තැන්පත් මුදල් නැවත ගෙවීමට නොහැකි වී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙම ආයතනයේ බලපත්‍රයට අමතරව කල්බදු මූල්‍ය කටයුතු කරගෙන යෑමට ලබාදී තිබූ ලියාපදිංචි සහතිකය ද අවලංගු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.