අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා විසින් තාජුඩීන් ඝාතනය ගැන කියන විට රාජපක්ෂ රෙජීමය හා හෙන්චයියන් තැති ගැන්වී ඇති බවත් මේ රටේ කිසිම තැනක වාහනයක් හැපී එය සම්පූර්ණයෙන් ගිනිගෙන පුද්ගලයකු මැරී නැතැයිද තාජුඩීන් ඝාතනය කරද්දී ඔහුට වද දෙන හඬ දුරකථනය ඔස්සේ තාජුඩීන්ගේ පෙම්වතියට ඇසීමට පවා සලස්වමින් කෘර ඝාතනයක් සිදු කර ඇතැයිද අද (11) කොළඹ 7, ගිල්ෆ්‍රඩ් ටෙරස්හි පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය
මෙය මිනීමැරුමක් බව මහින්ද රාජපක්ෂ මහතාද පිළිගෙන ඇති බවත් එසේ නම් කිසිදු පරීක්ෂණයක් නොකර මෙය යට ගැසීමට ක්‍රියා කළේ ඇයිදැයි ගැටළුවක් වන අතර මැතිවරණයෙන් පසු මරණයට වගකිව යුතු සියලු පාර්ශවයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් එම මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.








