FAST NEWS

24×7 Around the Globe

ගුවන් සුරක්ෂිතතාව අතින් ශ්‍රී ලංකාවට හිමිවූ තැන මෙන්න..

ගුවන් සුරක්ෂිතතාව අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැන හිමිකර ගැනීමට සමත්ව ඇත.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් 2018 වසරේ ජූනි මස 04 වන දා සිට 15 වන දා දක්වා පැවැත් වූ විගණනයකින් අනතුරුව මෙම ස්ථානය ලංකාවට හිමිව තිබේ.
ලෝකයේ රටවල් 192 ක් අතරින් සැදුම්ලත් සිවිල් ගුවන් සේවා සංවිධානය මෙවැනි තත්ත්වයකට ශ්‍රී ලංකාව ඔසවා තැබීමෙන් වාසි රැසක් අත්වන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා පවසා සිටි.