FAST NEWS

24×7 Around the Globe

අලුගෝසු තනතුරට උපාධිධාරීනුත් අයැදුම් කරලා..

පසුගියදා ජනාධිපතිතුමා විසින් මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා යැයි පැවසීමත් සමග ඒ සදහා අවශ්‍ය අලුගෝසු තනතුරට  නිලවශයෙන් අයැදුම්පත් කැඳවීමටත් පෙරම අයැදුම්පත් රැසක්‌ ලැබී ඇති බව බන්ධනාගාර මූලස්‌ථාන ආරංචි මාර්ග සදහන් කරයි.
අලුගෝසු තනතුර සඳහා නිල වශයෙන් අයැදුම්පත් කැඳවනු ලබන්නේ ලබන සතිය තුළ බව වාර්තා වෙයි.
විවිධ ප්‍රදේශවල කාන්තාවන් මෙන්ම උපාධිධාරීන් ද මෙලෙස අයැදුම්පත් ඉදිරිපත් කර ඇති අතර ඒ එක් පත්‍රයක “අනේ අපිට මේ රැකියාව කෙසේ හෝ ලබාදෙන්න යැයි” සදහන්කර ඇති බවද වාර්තා වේ.