FAST NEWS

24×7 Around the Globe

පකිස්ථානයේ 11 වන මහ මැතිවරණය අද..

නව රජයක් පත්කර ගැනීමට පකිස්ථාන ජනතාව අද (25) සිය ඡන්දය භාවිත කිරීමට නියමිතය.
මේ සඳහා එරට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තාවේ.
පකිස්ථාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සහ පළාත් සභාවන් 04 ක් සඳහා සභිකයින් පත්කර ගැනීමට මෙම මැතිවරණය පවත්වනු ලබයි.
පකිස්ථානය පුරා ඡන්ද මධ්‍යස්ථන 85,000කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති අතර අද පෙරවරු 8.00 ට එරට ජනතාව ඡන්දය භාවිත කිරීම ආරම්භ කළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.