FAST NEWS

24×7 Around the Globe

කුඩු ජාවාරම්කරුගේ දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 08කගේ අංක..

පසුගියදා රුපියල් කෝටි 125 ට අධික මත්කුඩු සමඟ කළුබෝවිල දී අත්අඩංගුවට ගත් මොහොමඩ් මාහීර් නැමැත්තාගේ ජංගම දුරකතනයේ බන්ධනාගාර නිලධාරීන් 08 දෙනකුගේ දුරකතන අංක ඇතුළත්ව ඇති බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.
මොහොමඩ් මාහීර් නැමැති මේ සැකකරු සමඟ ඉහත බන්ධනාගාර නිලධාරීන් 08 දෙනා ලබාගත් ඇමැතුම් සම්බන්ධයෙන් සහ ඔවුන් මෙම ජාවාරම්කරුවන් අතර ඇති සම්බන්ධය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් ප්‍රකාශ කළේය.