FAST NEWS

24×7 Around the Globe

ලාඕසයේ වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයන් රැසක් මරුට..

ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් රැසක් මියගොස් තවත් සිය ගණනක් අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගිණිකොනදිග ලාඕසයේ ඇටාපියු ප්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් මෙසේ බිඳී ගොස් ඇත.
වේල්ල බිඳී යාමෙන් පහත් බිම්වල පිහිටි ගම්මාන 06 ක් ජලයෙන් යට වී ඇති අතර ඒ හේතුවෙන් හටගත් හදිසි ගංවතුර තත්ත්වය නිසා පුද්ගයින් 6000 කට අධික පිරිසකට තමන්ගේ නිවාස අහිමි වී ඇත.
වේල්ල බිඳී යාමට හේතුව මෙතෙක් හෙළි වී නැත.