FAST NEWS

24×7 Around the Globe

සරණාගතයන් 2500 ක් ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමට උත්සාහ දැරූ මිනිස් ජාවාරම්කරුවන් 600 ක් අත්අඩංගුවට..

සරණාගතයන් 2500 දෙනකු ඔස්ට්‍රේලියාවට රැගෙන එමට උත්සාහ දැරූ මිනිස් ජාවාරම්කරුවන් 600 දෙනකු අත්අඩංගුවට ගැනීමට පසුගිය වසර ගණනාවක් ඕස්ට්‍රේලියා දේශසීමා රකින ස්වර්ණමය මෙහෙයුම නිසා හැකියාව ලැබී ඇති බව ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බළකාය පවසයි.
නීති විරෝධී අයුරින් ක්‍රියාත්මක වන මිනිස් ජාවාරම්කරුවන් නිසා ඕස්ට්‍රේලියා සංක්‍රමණික නීති තර්ජනයට ලක්ව ඇති බව ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතන්නන් විසින් කරන ලද ඉල්ලීම්වලින් හෙළි වන බව ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් පවසයි. මෙම සරණාගතයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් විමසා බැලීමට වසර 2021 දක්වා ෆෙඩරල් අධිකරණයට කල් ගතවන බවද ස්වදේශ කටයුතු ඇමතිවරයා කියයි.
ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් පවසන්නේ, මිනිස් ජාවාරම් කරුවන් නතර කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව අත් කර ගෙන සිටින සාර්ථකත්වය, ලේබර් පක්ෂයේ මෘදු ආගමන, විගමන හා සරණාගත ප්‍රතිපත්තිවලින් අවදානමේ හෙලීමට තමන් සුදානම් නැති බවය.