FAST NEWS

24×7 Around the Globe

තායි ලෙනේ සිරවී සිටි දරුවන් මහණ වෙයි..

තායිලන්තයේ ලෙනක සති 02 කට අධික කාලයක් සිරවී සිටි ළමා පාපන්දු පිලේ දරුවන් හා එහි පුහුණුකරු දින කිහිපයකට මහණවීමට නියමිතව ඇත.
දරුවන් 12 දෙනාගෙන් 11 දෙනෙකු හා පුහුණුකරු මෙලෙස මහණදම් පිරීමට නියමිත වන අතර බේරාගත් අනික් දරුවා ක්‍රිස්තියානි භක්තිකයෙකි.
තායිලන්තයේ පිහිටි චියැං රායි හි බෞද්ධ කාර්යාලයේ ප්‍රධානියා වන Praphun Khomjoi පවසන අන්දමට හෙට දිනයේදී ඔවුන් ගේ හිස් බූ ගෑමට නියමිත අතර අනිද්දා දින ඔවුන් කසාවතින් සැරසී මහණදම් පුරනු ඇත.
ඔවුන් විවිධ ආශ්‍රම වල දින 09ක් මහණදම් පිරීමෙන් අනතුරුව අගෝස්තු 04 දා යළි සිය නිවෙස් වලට යාමට නියමිත බව චියැං රායි නගරාධිපතිවරයා පවසා තිබේ.