FAST NEWS

24×7 Around the Globe

මහානාම සහ දිසානායක යළි රිමාන්ඩ්..

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයී.එච්.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන අය ලබන අගොස්තු 07 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.
පෞද්ගලික සමාගමකට ලබා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැඟිලි පවරා දීම සඳහා අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබාගැනිමේ සිද්ධියකට මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටියි.
මෙම සිද්ධිය අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබුණේ නො, 27/9, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 පදිංචි එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමේ ප්‍රධානි කොටහා රාලහල්ලි කොඩි ඩප්පයියා නඩරාජා නමැති ඉන්දීය ජාතිකයකු විසිනි.
DE සිල්වා