FAST NEWS

24×7 Around the Globe

වාඩුව ගන්නා සැටි හා සිදුවු දේ ප්ලෙසිස් මාධ්‍යට කියයි..

තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට වූ නමුත් ලබන පෙබරවාරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේදි මෙම පරාජයේ වාඩුව ගන්නා බවට, කොළඹ එස්.එස්.සී. පිටියේදී ඊයේ (23) අවසන් වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව පැවති පුවත්පත් සාකච්ඡාවේදී අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස් ඉඟි කර සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ දකුණු අප්‍රිකානු සංචාරයේදී ලැබෙන තණතීරු කොයි වගේ වේවිද ?” යැයි මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමීන් දකුණු අප්‍රිකානු නායකයා ප්ලෙසිස් මේ පිළිබඳව අදහස් දැක්වීය.
“ගොඩාක් දඟ කැවෙන, වියළි තණතීරු” (ෆෆ් ඩු ප්ලෙසි මහ හඬින් සිනාසි) “නෑ…ඒක හරිම පැහැදිළියි….මේ කාලයේ සියලුම කණ්ඩායම් තමන්ට තරගයක් ජයගන්න තියෙන අවස්ථාව උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්නවා…
“අපේ පැත්තෙන් බැලුවාම ඒක (තණතීරු) පසුගිය වතාවේ ඔවුන් එහි ගිය අවස්ථාවේ ලැබුණ තණතීරු වගේම වේවි….දඟ පන්දුව එහි තීරණාත්මක සාධකයක් නෙමෙයි. ඒත් අපට ඉතාමත් හොඳ වේග පන්දු බලඇණියක් ඉන්නවා. ඒ නිසා තණතීරුවල වේගය මෙන්ම පන්දුවේ ඉපිළීමත් හොඳින් තියේවි..
“පිතිකරු අංශයෙන් බැලුවාම වුණත් ඒ වගේ තත්ත්වයන් එක්ක පන්දුවට පහර දීම අපට වඩාත් පහසුයි..ඒ නිසා ඔවුන් (ශ්‍රී ලංකා කණ්ඩායම) පසුගිය අවස්ථාවේදී එහි ගිය වෙලාවේ ලැබුණ තණතීරු වගේම තණතීරු ලැබේවි…ඒක හිනාවෙන්න කාරණාවක් නෙමේ..”
එසේම ආසියානු කලාපයේදී දඟ පන්දුවට මුහුණදීම ගෝලීය අභියෝගයක් බව ෆෆ් ඩු ප්ලෙස් මෙහිදි වැඩි දුරටත් සඳහන් කළේය.
“මේක ගෝලීය අභියෝගයක්..“ආසියානු උප මහාද්වීපයට ලෝකයේ කොතැනින් ආවත්, මා කියන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය නැත්නම් අපි, ඔවුන් දඟ පන්දුවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රධාන ප්‍රශ්නය. අප උත්සාහ කරන්නේ ඒ තත්ත්වය වැඩි දියුණු කරගන්නයි.”
“මා කියන්නේ අප දුර්වල අන්දමින් දඟ පන්දුවට මුහුණ දෙනවා කියන එක නෙමේ. ඒත් අපේ අයත්, ආසියානු උප මහාද්වීපයේ පිතිකරුවනුත් සංසන්දනය කරනවා නම් ආසියානුවන් අපට වඩා පියවරක් දෙකක් ඉදිරියෙන් ඉන්නවා……ඒත් තණකොළ සහිත පන්දුව දෝලනය වන තණතීරු මතදී නම් මා හිතන්නේ ඉතා ඉක්මනින් එතැන තියෙන ගනුදෙනුව බේරා ගන්න අපේ අයට පුළුවන්”