FAST NEWS

24×7 Around the Globe

වාර විභාග ප්‍රතිඵල නිවාඩුවට පෙර නිකුත් කරන්නැයි නියෝග..

පාසල් වාර විභාග පැවැත්වීමෙන් අනතුරුව අදාළ පාසල් වාරය අවසන් කිරීමට ප්‍රථම එම ප්‍රතිඵල නිකුත් කරන ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සියලුම විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හරහා උපදෙස් ලබාදී ඇත ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
විභාග අවසන් වීමෙන් අනතුරුව අදාළ ප්‍රතිඵල ලබාදීම පාසල් නිවාඩුවෙන් පසු සිදු කිරීම සහ ප්‍රමාද කිරීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සාධනීය තත්ත්වයන් සහ ප්‍රගතිය මැන ගැනීමට දෙමාපියන්ට සහ දරුවන්ට නොහැකි තත්ත්වයක් ඇතැම් පාසල්වල මතුවන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන්ට මෙලෙස උපදෙස් ලබා දී ඇති බවද පැවසේ.
මේ අනුව දරුවන්ගේ ප්‍රගති වාර්තා මෙන්ම ශිෂ්‍ය සාධන වාර්තා ආදිය සෑම පාසලකම අදාළ පාසල් වාරය අවසන් කෙරෙන දිනය වනවිට දෙමාපියන් අතට පත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බවද පැවසේ.
DE සිල්වා්