FAST NEWS

24×7 Around the Globe

ධීවරයන්ටත් ඩිජිටල් හැඳුනුම්පතක්…

ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන්ට ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී ඇතිවන හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සදහා මෙම හැඳුනුම්පත නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත.
මෙම ඩිජිටල් හැඳුනුම්පතට ධීවරයන්ගේ සියලු ජීව දත්ත ඇතුළත් කිරීමටත් එම ධීවරයන් විවිධ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ගන්නේ නම් ඒ පිළිබඳවද මෙම ඩිජිටල් හැඳුනුම්පතට ඇතුළත් කරන බවත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ප්‍රකාශ කළේය.