FAST NEWS

24×7 Around the Globe

තණතිරුවේ රහස ඇන්ජලෝ මැතිව්ස් එළියට දායි..

ලෝකයේ සෑම කණ්‌ඩායමක්‌ම තම රටේදී තමන්ට ගැලපෙන තණතීරු සකසන බවත් ඒ අනුව මෙවර තම කණ්‌ඩායමට වඩාත් ගැලපෙන තණතීරුවකදී දකුණු අප්‍රිකානුවන්ව අමාරුවේ දැමීමට හැකිවූ බව අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදි ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (22) සඳහන් කළේය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඇන්ජලෝ මැතිව්ස්.
“අපි දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය වැනි රටවල ගියහම තණකොළ තියෙන විකට්‌ තමයි දෙන්නේ. හැමෝම බලන්නේ තමන්ගේ රටේදී ජයග්‍රහණය කරන්න. ලෝකයේ අංක දෙකට ඉන්න කණ්‌ඩායම 2-0 ක්‌ ලෙස පරාජය කරන්න පුළුවන් වුණොත් ඒක අපිට ලොකු දෙයක්‌. ඔවුන්ගේ ඉතිරි කඩුලු පහ ඉක්‌මනින් දවාගෙන ඒ සතුට කණ්‌ඩායම ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා” යැයි පැවසීය.