FAST NEWS

24×7 Around the Globe

ඇසළ පෝදා ශ්‍රී ලංකාවේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්..

එළැඹෙන 27 වනදාට යෙදෙන ඇසළ පුන් පොහෝ දිනයේදී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිමිවෙයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකය පවසන්නේ මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.45 ට ආරම්භ වී පසුදින අලුයම 4.58ට අවසන්වනු ඇති බවයි.
මේ වසරේ සිදුවන දෙවන පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙය වන අතර පසුගිය ජනවාරි මාසයේද පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය.