FAST NEWS

24×7 Around the Globe

හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාවට අනුමැතිය අහිමිවෙයි..

පසුගියදා පැවැත්වූ පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ එෆ් 44 කාණ්‌ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක්‌ අභිබවා යෑමට චමින්ද සම්පත් හෙට්‌ටිආරච්චි සමත් විය.
යුද හමුදා විජයබාහු ක්‍රීඩා සමාජය නියෝජනය කරන සම්පත් මීටර් 62.11 ක දක්‌ෂතාවක්‌ දැක්‌වූ අතර එහි පවතින ලෝක වාර්තාව මීටර් 59.82 දුරක්‌ සටහන් කරගෙන සිටින චීනයේ ගෝ මින්ජි විසිනි.
නමුත් අදාළ තරගාවලිය ජාත්‍යන්තර පැරාඔලිම්පික්‌ කමිටුවේ අනුමැතියකින් තොරව පැවැත්වීම හේතුවෙන් සම්පත්ගේ දක්‌ෂතාව ලෝක වාර්තාවක්‌ ලෙස සටහන් නොවූ අතර එය ලෝක වාර්තාව අභිබවායෑමක්‌ වශයෙන් පමණක්‌ සදහන් වී ඇත.
පසුගිය 20 හා 21 යන දෙදින තුළ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැරා මලල ක්‍රීඩා උළෙල පැවැත්විය.