FAST NEWS

24×7 Around the Globe

පාසල් සිසුන්ව මත්‍ද්‍රව්‍යයෙන් ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්..

මෙරට පාසල් ජාලයේ දිනෙන් දින ඉහළ යන මත්‍ද්‍රව්‍ය හේතුවෙන් පාසල් සිසුන් එයින් ආරක්‍ෂා කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීමට නියමිතව ඇත.
‍පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා විසින් මෙම ඉල්ලීම සිදුකරන අතර පක්‍ෂ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය වන පරිදි එවැනි තේරීම් කාරක සභාවක් පත්කළ හොත් මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ මත්ද්‍රව්‍ය උවදුරින් පාසල් දරුවන් ලක්‍ෂ 45කගේ ජීවිත සහ අනාගතය බේරාගැනීම සඳහා කථානායකවරයා මැදිහත්වනු ඇති බව බලාපොරොත්තු වන බවයි.