FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව 365 ක් ඉදිරියෙන්…

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙනදෙවැනි ටෙස්ට් තරගය අද (21) දෙවැනි දිනයට නිමාකරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 151ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමට වඩා තවත් කඩුලු 07ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 365 ක් ඉදිරියෙන් පසුවෙයි.
ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 338ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 124ක් පමණි.
දිමුත් කරුණාරත්න (59) ඇන්ජලෝ මැතිව්ස් (12)දිනය නිමා වන විට නොදැවී පිටියේ රැදි සිටියහ.
DE සිල්වා