FAST NEWS

24×7 Around the Globe

අමේන්ද්‍රා රත්නායකට එරෙහි නඩුව දෙසැම්බර් දක්වා කල් තැබෙයි..

රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රවීණ ගායන ශිල්පි වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියට විරුද්ධව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවෙහි ඉදිරි නඩු කටයුතු දෙසැම්බර් 14 වැනිදා දක්වා කල්තැබීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස් කර තිබූ රුපියල් 12,80,000ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් ඇයට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
අදාළ රාජ්‍ය බැංකුවට සිදුවී ඇතැයි කියන මූල්‍යමය අලාභය විත්තිකාර පාර්ශවය විසින් ගෙවා අවසන් කර ඇති නිසා නඩු කටයුතු අවසන් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥෙවරයා අද (20) කැදවූ අවස්ථාවේදී ඉල්ලා තිබේ.
එසේම මෙම රන් භාණ්ඩ වංචාව රාජ්‍ය දේපලක් සම්බන්ධයෙන් සිදුවී ඇති නිසා ඒ සඳහා නීතිපති උපදෙස් ලබාගැනීමට අවශ්‍ය යැයි පැමිණිලිකාර පාර්ශවයෙන් ඉල්ලා ඇති අතර මේ හේතුවෙන් ඉදිරි නඩු කටයුතු දෙසැම්බර් 14 දින දක්වා කල් තැබිමට කටයුතු කර තිබේ.
DE සිල්වා