FAST NEWS

24×7 Around the Globe

සැලසිනේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

රුපියල් 19 ලක්ෂ විසිපන්දහස් නවසීයක මුදලක් පෞද්ගලික ආයතනයක ලබාදෙමින් අවභාවිතා කළැයි කියන සිද්ධියටක අදාළව , සැලසිනේ හිටපු සභාපති ප්‍රදීප් කුමාර එදිරිසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව විමර්ශන අධිකරණය හමුවේ විභාග වුවත් සැකකරු මේ වන විට දැනට එක්සත් රාජධානියේ මිඩ්ල්සෙක්ස් ප‍්‍රාන්තයේ පදිංචිව සිටින බව පොලිස්  මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත දැනුම් දුන්නේය.
නමුත් මෙම සිද්ධිය අධි චෝදනා ගොනු කළ හැකි වරදක් සිදුව ඇති බැවින් සැකකරුට වරෙන්තු නිකුත් කරන ලෙස පොලිස්  මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට වරෙන්තු නිකුත් කළේය.
DE සිල්වා