FAST NEWS

24×7 Around the Globe

ශිශිර ඍතුවේ පැමිණෙන්න….ට්‍රම්ප්ගෙන් පුටින්ට ආරාධනා

එළැඹෙන ශිශිර ඍතුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ආරාධනා කර ති‌බේ.‍
පසුගියදා ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර දෙරටේ නායකයන් අතර පැවති හමුවේදී ඇමරිකානු ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපතිවරයා හට මෙම ආරාධනාව සිදුකර ඇත.
නමුත් මෙම ඇරයුම සම්බන්ධව රුසියාව තවම ප්‍රතිචාර දක්වා නැත.
දෙරටේ නායකයින් අතර හෙල්සින්කි නුවර පැවති හමුව මතභේදයට තුඩු දුන්නද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ එය ඉතාම සාර්ථක බව සහ තවත් හමුවක් සඳහා තමා අවදානය යොමුකර ඇති බවයි.