FAST NEWS

24×7 Around the Globe

ඕනෑම මොහොතක වර්ජනයකට යන බව GMOA කියයි..

වෛද්‍යවරුන්ට හා වෛද්‍ය සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා අද (20) දිනයෙන් පසු ඕනෑම මොහොතක වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කිරිමට ඊයේ (19) පැවැත්වූ සිය සංගමයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය වු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
වෛද්‍යවරුන්ට හා වෛද්‍ය සේවාවට ප්‍රධාන වශයෙන් ගැටලු 10ක් ඇති වී තිබෙන බව හෙතෙම ඊයේ (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එම ගැටලුවලින් ප්‍රධානම ගැටලු වී තිබෙන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකිරීම, වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි උසස්වීම් ගැටලු හා නව දේශීය ආදායම් බදු පනත හරහා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ගේ වැටුපෙන් බදු අයකිරීම ආදිය බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම ගැටලු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව විසඳිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.
DE සිල්වා