FAST NEWS

24×7 Around the Globe

මෝදි රජය ප්‍රථම විශ්වාසභංගයට සූදානම් වෙයි..

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන රජයට එරෙහිව විපක්ෂය විසින් අද (20) විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම්ව ඇත.
මෝදි රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම ආරම්භ වූයේ ආන්ද්‍ර ප්‍රදේශ ප්‍රාන්තය විශේෂ වරප්‍රසාද ඉල්ලා සිටීමෙන් වන අතර එය මෝදි රජය මුහුණදෙන ප්‍රථම විශ්වාසභංගයයි.
මෝදිගේ සන්ධානයට ආසන 533 කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිව ඇති අතර, රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂය පවසන්නේ විපක්ෂයේ බලය අවතක්සේරු නොකළ යුතු බවයි.