FAST NEWS

24×7 Around the Globe

අස්වැන්න වැඩිවීමත් සමග පොල් මිල අඩු වෙයි..

මේ දිනවල ඉහළගොස් තිබෙන පොල් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහළ බසින බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් මහතා සදහන් කරයි.
පොල් අස්වැන්න මේවන විට ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ඉදිරියේදී එම පොල් වෙළෙඳපොළට පැමිණීමත් සමඟ පොල් මිල අඩු වනු ඇතැයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.