ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ ,මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරෝධය දක්වමින් ඇය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව ද්වේශ සහගත ප්‍රකාශ සිදුකරන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවත් අග්‍රමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.










