FAST NEWS

24×7 Around the Globe

බොරු ප්‍රචාර නවත්වන්නැයි දුමින්ද කලංසූරියගෙන් ඉල්ලීමක්..

මෙරට සිනමා ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් සැපයූ ප්‍රවීන නළු අමරසිරි කලංසූරිය මහතා අසණීප තත්ත්වයෙන් පසුවන බැවින් ඊට ප්‍රතිකාර ලබාගැනීම සදහා රෝහල් ගතකර ඇත.
තම පියාගේ වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන අතරතුර ඔහු සම්බන්ධයෙන් සිදුකරන ලද නොයෙකුත් කටකතා හා බොරු ප්‍රචාරයන් පැතිරවීම වළක්වන ලෙස කලංසූරිය මහතාගේ පුත් ඡායාරූප ශිල්පී දුමින්ද කලංසූරිය මහතා සිය ෆේස්බුක් වෙබ් අඩවියේ සටහනක් තබමින් ඉල්ලා සිටියි.
ප්‍රවීන ගායකයන් දෙදෙනෙකු ඇතුළු තවත් බොහෝ දෙනෙකු මේ වන විට අමරසිරි කලංසූරිය මහතා පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සිදුකොට ඇති අතර එම ගායකයන් දෙදෙනා පසුව එම වරද නිවැරදි කර ෆේස්බුක් මගින් සමාව අයැද තිබෙනු දක්නට ලැබුණි.