FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ ඉන්ධන පිරවුම්හල් 02 ක් විවෘතයි..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට අවශ්‍ය සියලුම වර්ගයේ ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් දෙකක් විවෘත කර තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
පැය 24 පුරාම මෙම ඉන්ධන පිරවුම්හල් විවෘතව පවතින බවත්, වැලිපැන්න 44 සැතපුම කණුවේ මෙම ඉන්ධන පිරවුම්හල් 02 පිහිටා තිබෙන බවත් එ මහතා පැවසීය.
මෙම ස්ථානයේ විවේක ගැනීමේ පහසුකම් හා යටිතල පහසුකම්ද සලසා පවතින පවතින බවද හෙතෙම සඳහන් කළේය.
DE සිල්වා