FAST NEWS

24×7 Around the Globe

වසර දෙකක් පුරා තුර්කියේ පැවති හදිසි නීතිය ඉවත් කිරීමට යයි..

තුර්කි නව ජනාධිපති රිසෙප් ටායිප් දුන් පොරොන්දුවකට අනුව වසර 02 ක් පුරාවට එරට පැවති හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබේ.
රට පුරා මෙලෙස හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරීමට හේතුවී ඇත්තේ වසර දෙකකට පෙර රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් පරාජයට පත්වීමෙන් අනතුරුව ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගෙනයි.
අදාළ කුමන්ත්‍රණයේදී තුර්කි පාර්ලිමේන්තුවට ගුවන් ප්‍රහාරයක් ද එල්ල විය. 2016 වසරේදී සිදුවූ අදාළ කුමන්ත්‍රණයට සහය වූ බවට චෝදනා එල්ල වූ රාජ්‍ය සේවකයින් එක්ලක්ෂ හත්දහසකට අධික පිරිසකට රැකියා අහිමි වූ අතර 50,000 කට අධික පිරිසක් සිරගත කරනු ලැබීය.