ලංකා සතොස ආයතනය පසුගිය වසරට (2017) සාපේක්ෂව මේ වසරේ (2018) 23%ක ලාභයක් ඉපැයූ බව, ලංකා සාතොස ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්එම්එම් ෆාරාස් මහතා කොළඹ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවක සඳහන් කළේය.
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලංකා සතොස මගින් ඉදිරියේ දී අවස්ථා උදාකරදෙන බවද හෙතෙම පැවසීය.
මහජනතාවගේ ජීවන බර අවම කිරීම සඳහා භාණ්ඩ මිල අවම මට්ටමින් පවත්වාගෙන යාම ලංකා සතොස ආයතනයේ අරමුණ වන බවත් මේ හේතුවෙන් පෞද්ගලික අංශය අභිභවමින් ඉහළ පාරිභෝගික ආකාර්ෂණයක් හිමිකරගැනීමට ලංකා සතොස ආයතනය සමත්ව තිබෙන බව එ මහතා පෙන්වා දෙයි.
මෙවර ස්ලිම් නීල්සන් සම්මානයේ ද ලංකා සතොස පිදුම් ලබා ඇත්තේ, මහජනතාවට සපයන ඉහළ සේවාව හේතුවෙන් බවත් දේශීය ආයතනයක් ලෙස ලංකා සතොස ආරක්ෂා කරගැනීම සියලු දෙනාගේ වගකීමක් ලංකා සතොස කළමනාකාරීත්වය වැඩි දුරටත් අවධාරණය කරයි.
DE සිල්වා







