FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09 ක් ජල සැපයුම අත්හිටුවයි..

අත්‍යවශ්‍ය ජලනළ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (20) පෙරවරු 9.00 සිට පසුදින (21) පෙරවරු 6.00 දක්වා පැය 09 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනූව, බේස්ලයින් පාරේ කැළණි පාලම හන්දිය සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගය, ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග, හෙට්ටිවීදිය සහ සියලු අතුරුමාර්ග, කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශයන්ට ජල සැපයුම අත්හිටුවෙන බව එම මණ්ඩලය කියයි.
මීට අමතරව පිටකොටුව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙයි.
DE සිල්වා