FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන් පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව අගෝස්තු 08

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසාත්මක අයුරින් හැසිරුණු බවට චෝදනා කරමින් හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් නීතිපතිවරයා මාර්ගයෙන් ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන තීන්දුව අගෝස්තු මස 08 වැනි දින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (18) නිවේදනය කර සිටියේය.
ඉකුත් 2016 වසරේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණයට අපහාස කළේ යැයි ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබු මෙම පැමිණිල්ල අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් විභාග කෙරුණී.
DE සිල්වා