FAST NEWS

24×7 Around the Globe

දසුන්ගේ වෑයම අපතේ යයි – පළමු ජය බංග්ලාදේශයට..

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 02 ක තියුණු ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම ඊයේ (17) සමත් විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවි ලකුණු 280 ක් රැස් කළේය.
ඒ අනුව ලකුණු 281ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට පන්දුවාර 50 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 278 ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක ලකුණූ 78 ක් සහ අශාන් ප්‍රියංජන් 42 ක් රැස් කළහ.
DE සිල්වා