FAST NEWS

24×7 Around the Globe

මංගල සමරවීර ජනාධිපති විමර්ශන කොමිසමට..

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල වංචා දූෂණ සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදීම සදහා මංගල සමරවීර ඊයේ (17) එම කොමිසම හමුවේ පෙනී සිට ඇත.
තමා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරය දරණ සමයේ මිහින් ලංකා ගුවන් සමාගම පිහිටවනු ලැබූ නිසා ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි බව අමාත්‍යවරයා සදහන් කරයි.
එම කොමිසම වෙත පස්වරු 6.00 ට පමණ සාක්ෂි ලබාදීමට පැමිණි අමාත්‍යවරයා පැයකට පසුව ඉන් පිටත්ව ගොස් ඇත.