FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල සංශෝධනය ගැන කියන්න ලක්ෂ 85ක දැන්වීම්..

මුදල් අමාත්‍යාංශය ඉන්ධන මිල අඩු වැඩිවීම ගැන සඳහන් කරමින් මහජන බදු මුදලින් දින 04 කදී රුපියල් ලක්ෂ 85ක් වැයකර පුවත්පත් දැන්වීම් පළකර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඛනිජ තෙල් මිල සංශෝධනයට අදාළව නිර්මාණය කළ දැන්වීම් තුනක් 2017 මැයි 13, 15, 17 හා 20 යන දිනවලදී පාඨක ප්‍රතිචාර හිමි සිංහල, දෙමළ, ඉංග්‍රීසි පුවත්පත්වල පළකර තිබුණු බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
මහජනයාගේ බදු මුදල් වැයකරමින් පළකළ මෙම දැන්වීම්වල විකෘති කළ අසත්‍ය කරුණු ඇතුළත් වන බවත්, ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල හා මෙරට ඛනිජ තෙල් මිල සම්බන්ධව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අසත්‍ය කරුණු ප්‍රකාශ කර තිබෙන බවත් මෙහිදී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.