FAST NEWS

24×7 Around the Globe

මහ ඇමති ප්‍රමුඛ උතුරු පළාත් ඇමතීන් 04ක් සභා රැස්වීම වර්ජනය කරයි..

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රමුඛ පළාත් ඇමැතිවරුන් සිව් දෙනෙක් උතුරු පළාත් සභා රැස්වීම වර්ජනය කර තිබේ. ඒ, ඇමැතිවරයකු ඉවත් කිරීමක් පිළිබඳව සභාවට ඉදිරිපත්ව තිබූ යෝජනාවකට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කරමින්.
උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි පී.ඩෙනීෂ්වරන් මහතා දූෂණ චෝදනා එල්ල වීම මත ඔහුව පසුගිය වසරේ ඇමැති ධූරයෙන් ඉවත් කිරිමට පසුගිය වසරේ දී පියවර ගෙන තිබුණේ ඔහු ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙනි.
මෙම ඉවත් කිරීමට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණයේ නඩුවක් පවරා ඇති අතර අභියාචනාධිකරණය විසින් පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ ඒ අනුවය.
මේ අනුව සභාවේ විවාදය සිදු නොවුණු අතර එහිදී සභාපතිවරයා මහ ඇමැතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය දැඩිව දෝෂදර්ශනයට ලක් කරමින් සඳහන් කර සිටියේ පළාත් සභාව විසුරුවා හැරීමට මාස 04 ක පමණ කාලයක් තිබියදී කිසියම් පාර්ශවයක් පළාත් සභාව අරාජික කිරීමේ උත්සහායක නිරතව සිටින බවයි.
D.Undugoda