FAST NEWS

24×7 Around the Globe

Facebook මුරපද ගැන අවධානයෙන් සිටින්න….

පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් ඉල්ලා සිටින්නේ ඊමේල් සහ ෆේස්බුක් හරහා ලැබෙන පණිවුඩයක් ඔස්සේ සිය ෆේස්බුක් මුරපද සොරා ගැනීමේ සිද්ධීන් පිළිබදව අවදානයෙන් සිටින ලෙසටයි.
එම පණිවුඩය විවෘත කිරීමත් සමඟ යළි ෆේස්බුක් මුරපද ඉල්ලා සිටින අතර එය ලබාදීමෙන් ෆේස්බුක් මුරපද වෙනත් පාර්ශවයකට ලබාගත හැකි බව එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කරයි.
මේ හේතුවෙන් හැකි තාක් දුරට එම පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙසට ඔහු ඉල්ලීමක් කළේය.