පසුගිය ජනාධිපතිවරණයේදී දෛවඥයින් විසින් සුභ දිනය ලබා දී තිබුනේ තමනට නොව මෛත්‍රිපාල සිරිසේන මහතාට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ ඊයේ රාත්‍රියේ පැවති දෙරණ 360 වැඩසටහනට එක්වෙමිනි.
තමන් 70 දශකයේ සිට මෛත්‍රිපල දන්නා බවත් සන්ධානය ජයග්‍රහණය කළහොත් අගමැති ධූරය ඔහු තමාට නොදී සිටින්නේ නැති බවත් කී රාජපක්ෂ මහතා තමා රට පාලනය කරද්දී වැරදි සිදුවුණු බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ සොයුරිය හොර සල්ලි තොගයක් සමග අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බන්ධනාගාර ගත නොකොට පරීක්ෂණ පවත්වන්නට තමන් උපදෙස් ලබාදුන්නද එවැනි දේ නොකරන්නට තිබූ බවද ඔහු එහිදී කියා සිටියේය.
[youtube url=”https://www.youtube.com/watch?v=e6iu23dlCs4″ width=”560″ height=”315″]








