FAST NEWS

24×7 Around the Globe

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ තිස්සට හා ප්‍රසන්නට ඇප..

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගල්කිස්ස පොලිසියේ හිටපු උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල හා බස්නාහිර දකුණ භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරට ඇප මත නිදහස් කිරිමට අද (16) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කළේය.
නඩුවට අදාළ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත මෙම දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.
2008 වසරේ ජනවාරි 08 වෙනි දින වික්‍රමතුංග මහතා රත්මලානේ සිය කාර්යාලය වෙත මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටියදී, අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනයට ලක් විය.
DE සිල්වා