FAST NEWS

24×7 Around the Globe

හයිටි අගමැති ජැක් ගයි ඉල්ලා අස්වෙයි..

ඉන්ධන මිල ඉහළ යෑම ගැන ඇතිවූ දරුණු විරෝධතාවලින් පසු හයිටි අගමැති ජැක් ගයි ලැෆොන්ටන්ට් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය සනාථ කරයි.
හයිටි අගනුවර කොංග්‍රස් සභාවේදී ජනපති ජොවෙනෙල් මොයිස් තම ඉල්ලා අස්වීම භාරගත් බව ලැෆොන්ටන්ට් කියා සිටියේය. ඉන්ධන අර්බුදය උත්සන්න වෙද්දී කොංග්‍රසය ඔහුට විශ්වාසභංගයක්ද ගෙනැවිත් තිබුණි.
ඉන්ධන මිල වැඩිකිරීමට රජය යෝජනාවක් ගෙන ඒමත් සමග හයිටි රාජ්‍යයේ කලබල සිදුකිරීම් ආරම්භ විය.