FAST NEWS

24×7 Around the Globe

ඉදිරිපත් නොකරන බවට තීරණය කර තිබූ පනත් 02 ක් යළි පාර්ලිමේන්තුවට..

වසර දෙකකට පෙර පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබියදී පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් නොකරන බවට තීරණය කර තිබූ ථෙරවාදී කථිකාවත් පනත හා විහාර දේවාලගම් පනත හෙට පාර්ලිමේන්තුවේ (17) පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රී කමිටුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ පනත් දෙක සඳහා මහ නාහිමිවරුන්ගේ විරෝධතා මතුවීම නිසා 2016 මෙම පනත් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ගත් අතර මේ පනත් දෙක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම පනත් සංශෝධනය විය යුතු බව එම තීන්දුවෙන් ප්‍රකාශයට පත් විය.
DE සිල්වා