FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් වැඩි ප්‍රමාණය ජපානෙට..

ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් ඩොලර් බිලිනය 2.87ක ප්‍රමාණයක් එනම් 10% ක් චීනයට ණය බවත්, ජපානයට ඊට වඩා ප්‍රමාණයක් ණය වී ඇති බවත් චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය සදහන් කරයි.
2017 වසර වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් 12% ක පමණ ජපානයෙන් ලබාගත් ණය වූ බවද ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් චීනයට දොස් පවරන බටහිර රටවල් ජපානයට දොස් නොනගන්නේ ඇයිදැයිද එම පුවත් සේවය විමසා සිටියි.
හම්බන්තොට වරාය ඉදිකිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා චීනයට ආරාධනා කරන්නේ මුලින්ම ඉන්දියාව එම යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා බවත් එම පුවතේ දැක්වෙයි.
සංවර්ධනය වන රටවලට ණය ගැටලුවක් නොවන බවත්, එය හරියාකාරව කළමනාකරණය කරන්නේ නම් එම රටවලට සෞභාග්‍යය පවා ළඟා කරගත හැකි බවත් එම පුවතේ වැඩිදුරටත් දැක්වේ.