FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප 16 න් අයෙක් දේශපාලනයෙන් සමුගනියි..!!!

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදු කරන ක‍්‍රියා හේතුවෙන් තමන් කණගාටුවට පත්ව සිටින බවද ,තම සටන අවසානය වන තෙක් සිදු කරන බවත්, එය ජය ගැනීමට නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බව ශ්‍රීලනිපයේ දහසයේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න විද්යුත් නාලිකාවකට ප්‍රකාශ කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයෙන් එල්ල වන බලපෑම් පිළිබඳව මන්ත‍්‍රීවරයා අදහස් දක්වා තිබේ.
“ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය අතන මෙතන ගිහිල්ල නොයෙක් දේවල් කියනවා..හරයක් නැති දේවල්. ඒක පුදුම සහගත දෙයක්. අපි කිසිම අවස්ථාවක බලාපොරොත්තු වුණේ නෑ..එවැනි ප්‍රකාශ ඒකාබද්ධ විපක්ෂයේ අයගෙන්.”
ආණ්ඩුවට සහය පළ කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න ඇතුළු කණ්ඩායම ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වූ අතර ඔවුන් පසුව ඒකාබද්ධ විපක්ෂය හා එක්වීමට තීරණය කළේය.