FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂට විදේශගත විමට අවසර ලැබෙයි..

ඉකුත් ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීම සඳහා කොළඹ මහාධිකරණය අද (16) අවසර ලබා දුන්නේය.
තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා අගෝස්තු මස 10 වන දා සිට නොවැම්බර් මස 10 වන දාදක්වා කාල සීමාව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට අවශ්‍ය ඇති බවබැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය හමුවේ පවසා සිටියහ.
ඊට අදාළ වෛද්‍ය සහතික මෙන්ම රක්ෂණ වාර්තා ද අධිකරණය වෙත ඉදිරිපත් කළ එම නීතිඥවරුන් ඒ සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන මෙන්ද අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති වුවත් ඉදිරි නඩු විභාග වලට බාධාවක් නොවන පරිදි මෙම ඉල්ලීමට ඉඩ දෙන මෙන්ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ කාලසීමාව තුළ විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා දැනට අධිකරණ භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇපයක් මත මුදා හරින මෙන් ද නියම කළේය.
මෙම සිද්ධියට අදාළව රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කොට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
DE සිල්වා