හැම මගුලටම යන්ත්‍ර සුත්‍ර ආදේශ වෙලා ඉවරයි. කොටින්ම දැන් මිනිස්සුත් යන්ත්‍ර බවට පත්වෙලා. ලිංගික සංසර්ගය සඳහාත් යන්ත්‍ර යොදාගන්න කාලය වැඩි ඈතක නෙමෙයිලු.
විද්‍යාඥයන් සඳහන් කරන විදියට වැඩි කල් නොගොස් ලිංගික සංසර්ගය සදහා රොබෝ යන්ත්‍ර ආදේශ වීමට නියමිතයි. මේ පිළිබඳව අදහස් දක්වන සන්ඩර්ලෑන්ඩ් විශ්ව විද්‍යාලයේ ලිංගික මනෝවිද්‍යාව පිළිබඳ වෛද්‍ය හෙලන් ඩිස්ක්‍රොල් පවසන්නේ රොබෝ තාක්ෂණයේ දැනට පවතින දියුණුවත් සමඟ ඉදිරි අවුරුදු කිහිපය ඇතුලත රොබෝ යන්ත්‍ර සමග ලිංගික සංසර්ගයේ යෙදිය හැකි වනු ඇති බවයි.
ඇය පවසන්නේ ලිංගික තාක්ෂණය ඉතා වේගයකින් ඉදිරියට ගමන් කරමින් තිබෙන අතර 2070 පමණ වනවිට මිනිසුන් අතර සිදුවන කායික සම්බන්ධතා ආදිකල්පික අදහසක් වනු ඇති බවයි. දැනටත් ලෝකයේ sex toys අතර ලිංගික කාර්යන් සඳහා බෝනික්කන් නිපදවා තිබෙනවා.
අවශ්‍ය ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා මිනිස් ප්‍රමාණයෙන් නිපදවා ඇති එවැනි බෝනික්කන් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. නමුත් රොබෝ තාක්ෂණය මීට වඩා බොහෝ දුර ගොස් අවසන්. වෛද්‍ය හෙලන් පවසන්නේ මෙවැනි බෝනික්කන් තවදුරටත් සෙල්ලම් බඩුවක් නොවී මිනිස් සහකරුවෙකුගේ අඩුව සෑම අතින්ම සම්පුර්ණ කරනු ඇති බවයි.
ඒවගේම මීට වසර ගණනකට කලින් ලිංගිකත්වය ගැන ලෝකය දරපු අදහස අද වෙනකොට වෙනස්වීම් වලට ලක්වෙලා තියෙනවා වගේ රොබෝලා සමග ලිංගිකව එකවීමත් සාමාන්‍ය අදහසක් වෙනු ඇත. ඒ කියන්නෙ තව අවුරුදු කිහිපයකින් දියුණු තාක්ෂණයක් සහිතව සිත්ගන්නා සුළු ආකාරය නිපදවූ රොබෝ බෝනික්කන් වෙළඳ පොළේ දකින්න ලැබේවි.
ඕනෑම කෙනෙකුට ලිංගික කාර්යන් වලින් එහාට තමන්ගෙ පරම පිවිතුරු ආදරෙත් රොබෝ පෙම්වතෙක් පෙම්වතියක් වෙනුවෙන් පූජා කරන්න අවස්ථාව උදා වේවි. ඒවගේම අනාගතේ මල් උයන්වල චිත්‍රපටි ශාලාවල රොබෝ පෙම්වතුන් පෙම්වතියන් දකින්න ලැබේවි. මීට අමතරව ලැබෙන ලොකුම වාසිය වෙන්නෙ එපා කියල හිතෙනවනම් අයින් කරන්නත් අවස්ථාව ලැබීම කියල කෙනෙකුට හිතෙන්නත් පුළුවනි.








