FAST NEWS

24×7 Around the Globe

2018 ජපන් සිනමා උළෙල ලබන 21 හා 22…

2018 වසරේ ජපන් සිනමා උළෙල මේ මස 21 හා 22 යන දෙදින තුළ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම සිනමා උළෙල සංවිධානය කරනු ලබන්නේ ජපන් තානාපති කාර්යාලය, ජපන් පදනම, ජාතික තරුණ සේවා සභාව, ජාතික චිත්‍රපට සංස්ථාව හා Ship for World Youth Alumni Association යන ආයතනයන් විසිනි.
සිනමා ප්‍රේක්ෂකයන් හට නොමිලේ නැරඹිය හැකි මෙම සිනමා උළෙලේ සියළු වයස් ඛාණ්ඩ සඳහා රසවිඳිය හැකි චිත්‍රපට, දෙස් විදෙස් සිනමා උළෙල වලදී මහත් කීර්තියක් අත්පත් කරගත් චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබයි.
චිත්‍රපට : ජූලි 21
ප.ව. 3:00 – It’s a Beautiful Life
ප.ව. 5:30 – The Complex
ජූලි 22
ප.ව. 3:00 – Golden Orchestra
ප.ව. 5:30 – Time of EVE

Image result for 2018 ජපන් සිනමා උළෙල