බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන විලියම් කුමරු හා කේට් ගේ තෙවැනි දරුවා වන ලුවී කුමරාගේ බෞතිස්ම කිරීමේ උත්සවය පසුගිය 09 වනදා පැවැත්වුනු අතර එම උත්සවයේ නිල ඡායාරූප මේ වන විට නිකුත් කර තිබේ.
ශාන්ත ජේම්ස් මාළිගයේ රාජකීය දේවස්ථානයේ දී මෙම බෞතිස්ම කිරීමේ උත්සවය පැවැත්වුණු අතර වෘත්තිමය ඡායාරූප ශිල්පියෙකු වන මැට් හොලිඕක් විසින් මෙම උත්සවයේ අවස්ථාවන් ඡායාරූප ගත කළේය.
පස් සාමාජික පවුලක් ලෙස විලියම්-කේට් සිය දරුවන් තිදෙනා සමග නිල වශයෙන් ඡායාරූපයකට පෙනී සිටි පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.












