FAST NEWS

24×7 Around the Globe

මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය කිරීම මේ සතිය ඇතුළත..

මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය සඳහා පිහිටවනු ලැබූ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අංක 01 මහාධිකරණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට අවසන්කර ඇත.
මෙම විශේෂ මහාධිකරණ අංක 01 පිහිටුවා ඇත්තේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය පිහිටි ස්ථානයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඉදිරියෙන් ඇති ගොඩනැගිල්ල තුළයි.
මෙම අධිකරණයේ අලුත්වැඩියා කටයුතු නාවික හමුදාව විසින් සිදුකළ අතර එම අලුත්වැඩියා කටයුතු පසුගිය සති අන්තය වනවිට අවසන් කර තිබුණි. ඒ නිසා මෙම විශේෂ මහාධිකරණයේ අධිකරණ කටයුතු ආරම්භ කිරීම අගවිනිසුරුවරයාගේ අභිමතය පරිදි සිදුකිරීමට නියමිතව ඇත.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් මෙම විශේෂ මහාධිකරණයේ අධිකරණ කටයුතු සඳහා පහසුකම් සපයා දීම පමණක් සිදුකරනු බව සදහන් වේ.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විසින් මෙම විශේෂ මහාධිකරණයේ කටයුතු ආරම්කිරීම සම්බන්ධයෙන් සහ පළමු නඩු විභාගය සම්බන්ධයෙන් තීරණය කරනු ඇත. කෙසේවෙතත් මේ සතිය ඇතුළත එම අධිකරණයේ කටයුතු ආරම්භ කරන බව අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරයි.